දිවයින පුරා ඉහළ ගොස් ඇති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, මදුරු මර්දන කටයුතු සහ පවිත්‍රතා කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය කඩිනමින් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව, අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කරනු ලබන ඉල්ලීම් සලකා බලා, එම කාර්යයන් සඳහා අවශ්‍ය වන භට කණ්ඩායම් සහ යන්ත්‍රෝපකරණ හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
ඩෙංගු අධි අවදානම් සහිත ප්‍රදේශවල පවිත්‍රතා කටයුතු සහ මදුරු කීටයන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහන් වඩාත් සාර්ථක කර ගැනීම මෙහි මූලික අරමුණයි. මෙම වැඩපිළිවෙළ මගින් ප්‍රාදේශීය මට්ටමින් සිදුවන ඩෙංගු මර්දන කටයුතු වඩාත් කාර්යක්ෂම සහ වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















