දිවයින පුරා පවතින ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ අවදානම සැලකිල්ලට ගනිමින්, 2026 ජූනි මාසය සඳහා විශේෂ ඩෙංගු මර්දන සහ පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. ඒ අනුව, ඉහළ අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම් ලේඛනයක් සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 14කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ 331ක් තුළ පිහිටි ග්‍රාම නිලධාරී (GN) වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
හඳුනාගත් මෙම වසම් තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ කීට විද්‍යාත්මක සමීක්ෂණ, දුමායන කටයුතු (Fogging) සහ පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් කරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින්, රෝහල් කළමනාකරණය කිරීමේ අසීරුතා මඟහරවා ගැනීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය නිලධාරීන් අවධාරණය කරයි.
















