ඉරාන බොරතෙල්, ඛනිජ තෙල් සහ රසායනික නිෂ්පාදන ප්‍රවාහනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම සඳහා අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් දින 60ක තාවකාලික පොදු බලපත්‍රයක් නිකුත් කර තිබේ.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡාවල මූලික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව දැනට අත්හිටුවා ඇති ඉරාන අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක් නිදහස් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, දෙරට අතර න්‍යෂ්ටික අවංකභාවය තහවුරු කිරීමේ පියවරක් ලෙස ඉරානය තම ආයුධ සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පරීක්ෂාවට ලක් කිරීමට එකඟත්වය පළ කර ඇති බවයි.
















