අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ නීති ආධාර කොමිෂන් සභාවේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
නීති ආධාර කොමිෂන් සභාවේ නිලධාරීන් තම රාජකාරී කටයුතු සිදුකිරීමේදී මුහුණ දී ඇති අභියෝග රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම, රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම්වල පවතින ගැටලු සහ කාර්ය මණ්ඩලය සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවීම යන කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.
එම ගැටලු මඟහරවා ගනිමින් නීති ආධාර කොමිෂන් සභාවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව අමාත්‍යවරයා එහිදී සහතික විය. සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා නීති ආධාර කොමිෂන් සභා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
















