මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම සඳහා විපක්ෂයට ද සිය අදහස් දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම සම්බන්ධයෙන් වන විශේෂ යෝජනාවක් ස්ථාවර නියෝගවලට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු අටක් පිරවීමට රජය මෙතෙක් පියවර නොගැනීම පිළිබඳව මෙහිදී දැඩි අවධානය යොමු කළ ඒ මහතා, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීම සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබඳව ද සිය විරෝධය පළ කළේය. මෙම කරුණු පිළිබඳව විධිමත් විවාදයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත්, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















