රටේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන අධිකරණයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු අටක් පිරවීමට රජය මෙතෙක් පියවර නොගැනීම සහ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට දරන උත්සාහය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන “මරු පහරක්” බව ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් විසින් විනිසුරුවරුන්ට විවිධ බලපෑම් එල්ල කරන බවට චෝදනා කළ විපක්ෂ නායකවරයා, මෙවැනි ක්‍රියාවන් තුළින් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය බරපතල තර්ජනයකට ලක්ව ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.
















