අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහ ඒ යටතේ ඇති පාසල්වල සේවය කරන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් තමන්ගේ වැටුපෙන් කොටසක් එකතු කරමින් ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙනුවෙන් රුපියල් දහඅට ලක්ෂයකට ආසන්න මුදලක් පෙරේදා (22) පරිත්‍යාග කර තිබේ.
අදාළ මුදල් චෙක්පත අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්. හෙට්ටිආරච්චි මහත්මිය විසින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා වෙත නිල වශයෙන් පිරිනමන ලදී. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් නන්දන ගලබොඩ මහතා ද සහභාගි වී සිටියේය. රටේ පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන් එක්ව ලබාදුන් මෙම දායකත්වය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව ඇත.
















