ගාසා තීරයේ වත්මන් මානුෂීය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවකට අනුව, එහි වෙසෙන සමස්ත ජනගහනයෙන් 80%ක් පමණ, එනම් පලස්තීන වැසියන් මිලියන 1.7කට ආසන්න පිරිසක් අත්‍යවශ්‍ය නවාතැන්, පිරිසුදු පානීය ජලය සහ මූලික සේවාවන් නොමැතිව අතිශය දුෂ්කර හා අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති.
එම වාර්තාවට අනුව, පවතින නවාතැන් හිඟය හමුවේ සරණාගත කඳවුරු සහ තාවකාලික නවාතැන් 59,000කට අධික සංඛ්‍යාවක, එකක් තුළ පුද්ගලයන් 8 දෙනෙකුට වඩා ඉතා තදබදයෙන් ජීවත් වන බව අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් තවත් දහස් සංඛ්‍යාත පිරිසකට එළිමහනේ රැය පහන් කිරීමට සිදුව ඇති අතර, ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අවම වශයෙන් පිරිසුදු පානීය ජල බිඳක්වත් සොයා ගැනීමට නොහැකි වී ඇත. දිනෙන් දින උදාවන මෙම කිසිදා නිම නොවන මානුෂීය ව්‍යසනය හමුවේ ගාසා තීරයේ ජන ජීවිතය අතිශය ඛේදනීය මට්ටමකට ඇද වැටී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















