ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් සේවාවක් ලබාදීමේ අරමුණින්, ‘eSabha’ ජංගම දුරකථන යෙදවුම (App) භාවිතය පිළිබඳව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (23) බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
නවීන තාක්ෂණය භාවිත කරමින් පළාත් පාලන ආයතනවල සේවාවන් ජනතාවට වඩාත් සමීප කරවීම සහ එම යෙදවුම ක්‍රියාත්මක වන ආකාරය මෙන්ම එහි වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායකයන් ලෙස HELP-O ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය චතුර වැලිවිටිය මහතා සහ එම ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු ළහිරු උඩුමලගල මහතා කටයුතු කළහ.
















