කාන්තා ආරක්‍ෂක නිලධාරිනියන් හට ලිංගික අතවර සිදුකල බවට චෝදනාලත් ආරක්‍ෂක පරීක්‍ෂක ලලිත් වීරසිංහ නිදහස් කර ගැනීම සරල සිදුවීමක් නොව ඉහලම බලධාරීන් පවා දැනුවත්ව සිදුකල සැලසුම් සහගත සටකපට කුමන්ත‍්‍රණයකි.
එම සැලසුම ක‍්‍රියාත්මක වන්නේ මෙලෙසිනි.
ආරක්‍ෂක අංශයේ කාන්තා ආරක්‍ෂක නිලධාරිනියන්ට ලිංගික අඩම්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිංගික සහ ස්ත‍්‍රී පුරුෂ භාවය මත පදනම්වන ප‍්‍රචණ්ඩත්වය පිලිබද (SGBVC) කමිටුවේ මැදිහත්වීම මත සිදුකෙරුණ ත‍්‍රිපුද්ගල පරීක්‍ෂණ මණ්ඩලයේ පරීක්‍ෂණ වාර්ථාවේ තාක්‍ෂණික හේතු මත විධිමත් පරීක්‍ෂණයකට නොයන මෙන් පැහැදිලිව නිර්දේශ කර තිබියදීත් ලලිත් වීරසිංහට එරෙහිව චෝදනා පත‍්‍රයක් නිකුත් කරන ලදි.
මේ ආසන්න කාලයේ උපකුලපති ළමාවංශගේ ධූර කාලය අවසන් වීම හේතුවෙන් උපකුලපති ලෙසට මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පත්වන අතර ආරක්‍ෂක අංශයේ වැඩ බැලීම සදහා සහකාර මූල්‍යාධිකාරවරයෙකු වන යෙනුක පහලගේ පත් වේ.
යෙනුක පහලගේ නැමැත්තා පත්වූ වහාම සිදුකරනු ලබන්නේ ලලිත් වීරසිංහ නොමැතිව ආරක්‍ෂක අංශය පවත්වාගෙන යා නොහැකි බවට උපකුලපති මධුජිත්ට ගතු කියා චූදිත ලලිත් වීරසිංහ දොඩංගොල්ලෙන් නැවත පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත ගෙන්වා ගැනීමයි.
මෙය පේරාදෙණිය ”ස්පෙෂල් බඩු” වලට අයත් අපූරු කාර්යයකි. මෙම ඊනියා විධිමත් පරීක්‍ෂණ කටයුත්ත ආරම්භ වන්නේම ලිංගික අතවර සම්බන්ධයෙන් චෝදනා ලත් සහ එහි සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ලවෙතැයි සලකමින් ස්ථාන මාරුකල පුද්ගලයා නැවත පේරාදෙණිය පරිශ‍්‍රයට කැදවාගනිමින් වින්දිත කාන්තාවන්ට බලපෑම් එල්ල කිරීම සදහා ඔහුට සියළු අවකාශ ලබාදෙමිනි.චූදිත නිලධාරියාට ඒ සදහා වන සියළු ආකාරයේ සහාය සුභසිංහ සහ කුමාරසිංහ යන ඔහුගේ සගයන් විසින් ලබාදී තිබේ.
මෙම පිරිස පළමුව සිදුකරන්නේ පැමිණිල්ලේ සාක්‍ෂි දුර්වල කිරීමයි.ඒ සදහා රම්‍යලතා සහ සිල්වා යන පැමිණිලිකාරියන් දෙදෙනාට විවිධ බලපෑම් සිදු කෙරේ.ඔවුන් දෙදෙනා එකට එකතු විය නොහැකි ලෙස දුරස්ථ ස්ථාන වලට ස්ථාන මාරු කරන අතර ඔවුන් සමග සේවයට ඔත්තුකරුවන් වන නිලධාරීන් යොදවා ලූහුබැදීම සිදුකරයි.
සිල්වා නැමැති නිලධාරිනියගේ ස්වාමිපුරුෂයාද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවකයෙක් වන අතර විශ්වවිද්‍යාලයේ සැලූන් සේවාව පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහුගේ පියාය. සිල්වාගේ සාක්‍ෂිය ඉවත්කිරීම අරමුණු කර ගනිමින් ඇයගේ ස්වාමිපුරුෂයාට එරෙහිව විනය පරීක්‍ෂණයක් කැදවෙන අතර සැලූන් සේවාව පවත්වාගෙන ගිය ඔහුගේ පියාගේ ටෙන්ඩරය අවසන් කරනු ලබයි.මේ හා සබැදි පැමිණිලි මෙන්ම වාර්තා ද ඉදිරිපත් කර තිබෙන්නේ සුබසිංහ නැමැත්තාගේ මැදිහත් වීම මත. ආරක්‍ෂක අංශයේ මෙම මැදිහත් වීම සද්භාවයෙන් තොර තක්කඩි ක්‍රියාවක් බව විධිමත් වෝහාරික පරීක්‍ෂණයක් සිදුකලහොත් හෙලිදරව් වනු ඇත.මේ හා සම්බන්ධ පීඩනය මුදාහැර ඇත්තේ වින්දිත කාන්තාවන්ට පමණක් නොවේ.ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කරාද පීඩනය මුදාහැර තිබුනේ නිල බලයට මුවා වෙමිනි.
මෙම පීඩනයේ ප‍්‍රථිඵලයක් ලෙසට එක් පැමිණිලිකාරියක වූ අළුත්වල හේවගේ චලනි ශ්‍යාමිකා රාමනායකද සිල්වා යන අය රැකියාව හැර ගොස් විදේශගත වීමට කටයුතු කරයි.එමගින් එක් වැදගත් සාක්‍ෂියක් ඉවත්කර ගැනීමට ඔවුන්ට ඉඩ ලැබී තිබේ.කුමන්ත‍්‍රණකරුවන්ගේ සැලසුමෙහි පළමු අදියර සාර්ථකව අවසන් වී ඇත්තේ එලෙසිනි.
සිද්ධිගත සිදුවීම සම්බන්ධයෙන් පවතින සාක්‍ෂි දෙකෙන් එක සාක්‍ෂියක් නොපැමිණෙන තැනට වැඩ සැලැස්වූ පසු පරීක්‍ෂණය චූදිතයාට වාසි සහගත වන බව අමුතුවෙන් කිව යුතු නැත.මෙම පාපකාරීන්ගේ අභිලාෂය එතෙකින්ද සෑහීමකට පත්වීම නොවේ. ඔවුන්ගේ සැලසුම “පැමිණිල්ල එල්ලූම්ගස් යවා විත්තිය නිදොස් කොට නිදහස් කිරීමයි.”ඒ වෙනුවෙන් පරීක්‍ෂණය සදහා කුලී ලියන්නෙකු පත් කර ගැනීම අත්‍යවශ්‍යය. ඉහල බලධාරීන්ගේ අනුග‍්‍රහය ලැබේනම් එය කජ්ජක් නොවේ.
එය කල හැටි ඊලග කොටසින් බලාපොරොත්තුවන්න
















