වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ජනාවාස තුන ප්‍රදේශයේ වගා කර තිබූ උක් වගා බිමක විශාල ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නෙන් උක් වගාවට දැඩි හානි සිදුව ඇති අතර, ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් වගා බිම පුරා පැතිර ගොස් ඇත. මෙය කවුරුන් හෝ විසින් සිදු කළ ගිනි තැබීමක් විය හැකි බවට ප්‍රදේශවාසීන් සැක පළ කරති.
ගින්න හටගත් වහාම ක්‍රියාත්මක වූ පැල්වත්ත සීනි සමාගමේ ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.
















