නේවාසික දේපළක් විකිණීමේදී බදු නිදහස් කිරීම් සහ සහන ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව කොන්දේසි මාලාවක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව, යම් අයෙකු නේවාසික දේපළක් විකිණීමේදී බදු සහනයක් බලාපොරොත්තු වන්නේ නම්, එම දේපළ විකිණීමට පෙර අවම වශයෙන් වසර තුනක කාලයක් නීත්‍යානුකූලව තම සන්තකයේ පැවතිය යුතු වේ. එසේම, එම වසර තුනක කාලය තුළ අවම වශයෙන් වසර දෙකක කාලයක් එම නිවසේ පදිංචිව සිට තිබීම ද අනිවාර්ය කොන්දේසියක් බව දෙපාර්තමේන්තුව දන්වා සිටී.
මෙම නිර්ණායක නිසි ලෙස සපුරා ඇති ඕනෑම අයෙකුට, තම දේපළ විකිණීමෙන් ලැබෙන සම්පූර්ණ මුදලම බදු අය කිරීම්වලින් තොරව ලබා ගැනීමට හැකියාව පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි. සිය දේපළ සහ වාහන ගනුදෙනු සිදු කිරීමේදී මෙම නීතිමය කරුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස ද දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















