පාසල් සිසුන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් ආපනශාලා සඳහා අනුමත කරන ලද නව ආහාර මෙනුවක් නිකුත් කර තිබේ.
මෙම නව නිර්දේශයන්ට අනුව දරුවන්ට හානිකර විය හැකි “ජන්ක් ෆුඩ්” (Junk Food) වර්ග පාසල් ආපනශාලාවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ වෙනුවට දරුවන්ගේ පෝෂණය ඉහළ නංවන ප්‍රධාන ආහාර වේල් සහ කෙටි ආහාර වර්ග ඇතුළත් මෙනුවක් ක්‍රියාත්මක කෙරේ.
නව මෙනුවට ඇතුළත් ප්‍රධාන ආහාර වේල් ලෙස එළවළු මිශ්‍ර බත්, පරිප්පු බත්, ඉරිඟු කිරිබත්, පොල් කිරි පොංගල්, එළවළු පිට්ටු, පෝෂණීය රොටි, වට්ටක්කා පොල් රොටි, කොස් කොත්තු මෙන්ම එළවළු සහ බිත්තර රොටි හඳුන්වා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දරුවන්ගේ නිරෝගීභාවය සහ යහපත් වර්ධනය උදෙසා මෙම ආහාර රටාව පාසල් තුළින්ම ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවයි.
















