තිරසාර සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් කැපවී සිටින තරුණ වෘත්තීයවේදීන්ගේ දායකත්වය ඇගයීම උදෙසා Lanka Responsible Care Council – LRCC විසින් සංවිධානය කරන ලද “Young Sustainability Professionals Appreciation Awards 2026” සම්මාන උළෙල පසුගිය ජූනි මස 22 වන දින කොළඹ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
වගකීම් සහගත ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ පරිසර හිතකාමී නව්‍ය ප්‍රවේශයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ තිරසාර අනාගතයක් ගොඩනැගීමට දායක වන තරුණ නායකත්වයන් හඳුනා ගැනීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණයි. මෙම වැඩසටහන මගින් තිරසාර සංවර්ධන ක්ෂේත්‍රයේ නිරත වෘත්තීයවේදීන්ගේ කැපවීම, ඔවුන්ගේ නිර්මාණාත්මක අදහස් සහ නායකත්ව ගුණාංග සමාජගත කරමින් නව පරපුරේ තරුණ පිරිසට ආදර්ශයක් සැපයීම සිදු කෙරේ.
නව්‍ය අදහස් සහ තිරසාර ව්‍යාපාරික ආකෘති හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට ශක්තියක් වන මෙම තරුණ වෘත්තීයවේදීන්ගේ ජයග්‍රහණ, අනාගත ආර්ථික හා පාරිසරික අභියෝග ජය ගැනීමට මනා පිටිවහලක් වනු ඇත. සිය වෘත්තීය ක්ෂේත්‍ර තුළ ඉහළම කැපවීමකින් කටයුතු කළ සම්මානලාභීන් දිරිගැන්වීමත් සමඟම, ඉදිරියේදී මෙවැනි තිරසාර ව්‍යාපෘතීන් සඳහා තවත් බොහෝ තරුණ වෘත්තීයවේදීන් උනන්දු කරවීම මෙම ඇගයීමේ ප්‍රධානතම ප්‍රතිඵලය වනු ඇති බව උත්සවයේ සංවිධායකයින් වැඩිදුරටත් සඳහන් කළහ.
















