රාවණා ඇල්ල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු තද වර්ෂාව හේතුවෙන් අලි කොටආර ජලාශයේ සිට කිරිඳිඔය ඔස්සේ ජලය වේගයෙන් පහළට ගලා ඒම නිසා වැල්ලවාය, නුග යාය ප්‍රදේශයේ ජලගැලීම් තත්ත්වයක් ඇති විය හැකි බවට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම ප්‍රදේශයේ පදිංචි පවුල් 40ක් පමණ කඩිනමින් දැනුවත් කිරීමට මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පියවර ගෙන ඇත.
අධික වර්ෂාව හේතුවෙන් ගංගා සහ ඇළ දොළවල ජල මට්ටම ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අංශ වැඩිදුරටත් දැනුම් දෙයි.
















