රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා භාණ්ඩාගාරය සතුව පැවති අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කළ විමර්ශන වාර්තාව පාර්ලිමේන්තු මූල්‍ය කමිටුව වෙත ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ජුනි 23 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ රාජ්‍ය මූල්‍ය කමිටුවේදී මෙම වාර්තාව පිළිබඳව මූලික සමාලෝචනයක් සිදු කෙරිණි. මහ බැංකුව විසින් සිදු කරන ලද මෙම විමර්ශනයේ අවසන් වාර්තාව ඉතා කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
රටේ මූල්‍ය විනය සහ රාජ්‍ය අරමුදල්වල සුරක්ෂිතතාව සම්බන්ධයෙන් දැඩි අවධානයට ලක් වූ මෙම සිද්ධිය පිළිබඳව වගකිවයුතු අංශ විසින් සිදු කළ පරීක්ෂණවල අවසන් ප්‍රතිඵල මේ හරහා අනාවරණය වනු ඇත.
















