සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිල දත්ත පද්ධතිය ඊයේ (25) පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ.
රට තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟම දත්ත පද්ධතිය මත ඇති වූ අධික බර හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව වාර්තා වේ. මෙම බිඳ වැටීම හේතුවෙන් දිවයින පුරා පවතින ඩෙංගු රෝගී දත්ත යාවත්කාලීන කිරීමේ සමස්ත ක්‍රියාවලියම මේ වන විට මුළුමනින්ම ඇනහිට ඇත.
















