සුපිරි තාක්ෂණික සමාගමක් වන IBM සමාගම විසින් ඇඟිලි නියපොත්තක ප්‍රමාණයේ සිලිකන් චිපයක් තුළ ට්‍රාන්සිස්ටර් බිලියන 100ක් ඇතුළත් කළ හැකි අතිනවීන චිපයක් (Chip) ලොවට හඳුන්වා දී තිබේ. දැනට ලෝකයේ පවතින උපරිම තාක්ෂණය නැනෝමීටර් 2 (2nm) මට්ටමේ පවතින පසුබිමක, IBM සමාගම නිපදවූ මෙම ‘NanoStack’ තාක්ෂණය නැනෝමීටර් 0.7 (0.7nm) මට්ටමට සමාන වන අතර, එය නැනෝමීටර් 1ට අඩු ලොව ප්‍රථම චිපය ලෙස ඉතිහාසයට එක්වෙයි.
කෙසේ වෙතත්, මෙම චිපය වෙළඳපොළට පැමිණීමට තවත් වසර කිහිපයක් ගතවන බව IBM සමාගම පවසයි. පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම නව චිපය, පැරණි චිප්වලට වඩා සියයට 50ක වේගවත් කාර්ය සාධනයක් සහ සියයට 70ක ඉහළ විදුලි බලශක්ති පිරිමැස්මක් (Energy Efficiency) පෙන්වන බවයි. IBM පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ජේ ගැම්බෙටා (Jay Gambetta) සඳහන් කළේ මෙම තාක්ෂණය ලෝකයේ අනාගතය වෙනස් කරන සුවිශේෂී සන්ධිස්ථානයක් වන බවයි.
















