පාපන්දු කුසලාන තරඟාවලියේ ‘I’ කාණ්ඩය යටතේ අද (27) පැවැති තීරණාත්මක තරඟයකින් ඉරාක කණ්ඩායම සලිත කරමින් ගෝල 5-0ක අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සෙනගාල් (Senegal) කණ්ඩායම සමත් විය.
තරඟය ආරම්භ වී 4 වැනි මිනිත්තුවේදීම හබීබ් දියාරා (Habib Diarra) සෙනගාල් පිලට පළමු ගෝලය ලබා දුන් අතර, ඉන්පසු ඉස්මයිලා සාර් (Ismaïla Sarr) 56 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලය රැස් කළේය. සෙනගාල් වෙනුවෙන් සුපිරි ක්‍රීඩාවක නිරත වූ පාපේ ගේයි (Pape Gueye) 59 සහ 71 යන මිනිත්තු වලදී පිට පිට ගෝල 2ක් ලබා ගනිමින් ඉරාකය සම්පූර්ණයෙන්ම අසරණ කළ අතර, තරඟයේ 82 වැනි මිනිත්තුවේදී ඉලිමාන් න්ඩියායි (Iliman Ndiaye) පස්වන ගෝලය ද වාර්තා කරමින් සෙනගාල් පිලේ දැවැන්ත ජයග්‍රහණය සනිටුහන් කළේය.
















