කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයක් දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (27) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ පිරිස වහාම දියතලාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ තුවාලකරුවන් අතරින් බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරු කර යැවූ බවයි. අනතුර සම්බන්ධයෙන් දියතලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















