ඇමරිකානු – මෙක්සිකෝ දේශසීමාව හරහා පැමිණ දේශපාලන රැකවරණ (Asylum) ඉල්ලන පිරිස් පාලනය කිරීම සඳහා එරට ෆෙඩරල් රජයට ඇති බලය තහවුරු කරමින් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පක්ෂව ඉතා වැදගත් තීන්දුවක් ලබා දී තිබේ. දේශසීමා හරහා පැමිණෙන පිරිස් පාලනය කිරීමට නොහැකි තරම් සීමාව ඉක්මවා යන අවස්ථාවලදී, නව රැකවරණ ඉල්ලීම් භාර නොගෙන ඔවුන් ආපසු හරවා යැවීමට රජයට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී පිළිගෙන ඇත.
විනිසුරුවරුන් 6ට 3ක් ලෙස ලබා දුන් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ, මෙම ක්‍රියාවලිය ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බවට පහළ උසාවියක් ලබා දී තිබූ තීන්දුවක් ද නිද්‍රාවට පත් විය. “මීටරින්” (Metering) ලෙස හැඳින්වෙන මෙම දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තිය මීට පෙර ජෝ බයිඩන්ගේ පාලන සමයේදී අත්හිටුවා තිබූ අතර, රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් එය නැවත බලාත්මක කිරීමට සැලසුම් කරමින් සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම සහාය ලැබී තිබේ.
















