මල්ලාවි පොලිස් වසමේ කල්විලාන් වැවේ මසුන් ඇල්ලීමට ගිය 26 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇති බව මල්ලාවි පොලිසිය පවසයි.
මරණකරු 2026 ජූනි 25 වන දින මසුන් ඇල්ලීම සඳහා වැවට ගොස් ඇති අතර, ඔහු නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකදී ඔහුගේ මළ සිරුර කල්විලාන් වැව තුළ තිබී සොයාගෙන ඇත.
මරණකරු පුරුනුක්කායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ මෘත ශරීරය මේ වන විට මාන්කුලම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මල්ලාවි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
















