මෙරට ප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන “මිස්ටර් කොත්තු” හිමිකරු විරාජ් වික්‍රමනායක නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.
සිය අවන්හල් ජාලයේ සේවය කරන සේවකයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන CCTV වීඩියෝ දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්රයෙන් සංසරණය වෙමින් පවතින අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ පොලිසිය විසින් මෙම පියවර ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිස් ස්ථානය විසින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ වීඩියෝ දර්ශන සාක්ෂි ලෙස උපයෝගී කරගනිමින් විරාජ් වික්‍රමනායක මහතාව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
















