බගවන්තලාව කොටියාගල වතුයායේ තේ වත්තේ වැඩට යමින් සිටි 72 හැවිරිදි වතු කම්කරු කාන්තාවක් පාලමකින් ගමන් කරමින් සිටියදී එක්වරම අඩි 30ක් පමණ පහළ ප්‍රපාතයට ඇදවැටී බරපතළ තුවාල ලබා තිබේ. ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ ඇය මෙලෙස පාලම අසලින් පහළට ඇදවැටී ඇති අතර, ඒ අසල සිටි අනෙකුත් වතු කම්කරුවන් එක්ව ඇයව වහාම බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
එහිදී මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව, තුවාල ලබා සිටි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බව බගවන්තලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ.ජයසූරිය මහතා තහවුරු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.
















