ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවීම නිසා දකුණු කොරියානු ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හොං ම්යුන්ග්-බෝ තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. කණ්ඩායමේ මෙම අසාර්ථකත්වය රට තුළ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග් විසින් ද මෙම දරුණු පරාජයට හේතු සෙවීම සඳහා වහාම විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කර ඇත.
පරාජයෙන් කෝපයට පත් රසිකයෙකු විසින් අන්තර්ජාලය ඔස්සේ පුහුණුකරු හොං හට මරණ තර්ජන එල්ල කර ඇති අතර, මේ හේතුවෙන් ඔහු නැවත දකුණු කොරියාව බලා පැමිණෙන විට ආරක්ෂාව තර කිරීමට දකුණු කොරියානු පොලිසිය පියවර ගෙන තිබේ.
















