කුරුණෑගල, උමංදාව ගෝලීය බෞද්ධ විහාරස්ථානයේ ඉදි කර ඇති ආසිරි මෛත්‍රෙය බෝධිසත්ව ප්‍රතිමාව විවෘත කිරීමේ ඓතිහාසික පුණ්‍යෝත්සවය අද පොසොන් පෝදා (ජුනි 29, 2026) සවස 5.30 ට පැවැත්විණි. මෙම ප්‍රතිමාව විවෘත කිරීම බෞද්ධ ලෝකයේ සුවිශේෂී ආධ්‍යාත්මික අවස්ථාවක් ලෙස සැළකෙන අතර, ඒ සඳහා දිවයිනේ නන් දෙසින් සැදැහැවතුන් විශාල පිරිසක් එක්රැස් විය. උමන්දාව ගෝලීය බෞද්ධ විහාරස්ථානය විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවය, භෞතික ඉදිකිරීම්වලින් ඔබ්බට ගිය ආධ්‍යාත්මික සන්තුෂ්ටිය සහ මෛත්‍රිය ලොව පුරා පතුරුවා හැරීමේ අරමුණින් සිදු කෙරෙන්නකි.
















