පසුගිය බදාදා (24) සිදු වූ විනාශකාරී භූමිකම්පාවලින් පීඩාවට පත් වෙනිසියුලාවේ සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් යුවාන් මිලියන 100ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 14.7ක් පමණ) වටිනා හදිසි ද්‍රව්‍යමය ආධාර ලබා දීමට චීනය අද (29) තීරණය කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියාකුන් (Guo Jiakun) ප්‍රකාශ කළේ, මීට පෙර ලබා දුන් සෘජු මූල්‍ය ආධාරවලට අමතරව මෙම ද්‍රව්‍යමය ආධාර ද හැකි ඉක්මනින් වෙනිසියුලාව වෙත යවන බවයි. මීට අමතරව ආපදා සහන මෙහෙයුම් පහසු කිරීම සඳහා චන්ද්‍රිකා ඡායාරූප (Satellite imagery) සැපයීමට ද චීනය පියවර ගෙන ඇත.
වෙනිසියුලාවේ ක්‍රියාත්මක වන චීන සමාගම් සහ එරට වෙසෙන චීන ප්‍රජාව එක්ව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය ඉංජිනේරු යන්ත්‍රෝපකරණ, අත්‍යවශ්‍ය වෛද්‍ය ද්‍රව්‍ය මෙන්ම සෙවුම් කණ්ඩායම් ද දැනටමත් සපයා තිබේ. නවතම නිල වාර්තාවලට අනුව මෙම දරුණු භූමිකම්පාව හේතුවෙන් වෙනිසියුලාවේ පුද්ගලයන් 1,450 දෙනෙකු මියගොස්, 3,150 දෙනෙකු තුවාල ලබා ඇති අතර පවුල් 12,721ක් අවතැන්ව ඇත.
















