ඇමෙරිකානු මධ්‍යම අණදෙන බලප්‍රදේශයේ (U.S. CENTCOM) ප්‍රධානී ඇඩ්මිරල් බ්‍රැඩ් කූපර් (Brad Cooper) සහ ලෙබනන් ජනාධිපති ජෝසෆ් අවුන් (Joseph Aoun) අතර විශේෂ සාකච්ඡාවක් බාබ්ඩා මාලිගයේදී (Baabda Palace) පවත්වා තිබේ. මෙම අවස්ථාවට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී කීත් හැනිතන් සහ සාමාන්‍ය යාන්ත්‍රණ කණ්ඩායමේ ප්‍රධානී ජෝසෆ් ක්ලෙයාර්ෆීල්ඩ් ද සම්බන්ධ වී ඇත. වොෂින්ටනයේදී ලෙබනනය, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් එකඟතා රාමුව ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
ලෙබනනයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වන උනන්දුව පිළිබඳව මෙහිදී ජනාධිපති අවුන් ඇමෙරිකාවට සිය ස්තූතිය පුද කළේය. එමෙන්ම, ලෙබනන් රජයේ හමුදාවන් එර රටේ දකුණුදිග ජාත්‍යන්තර සීමාව (Southern International Border) දක්වාම ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු අවධාරණය කළේය. දැනට විවිධ සැලසුම් සහ පොරොන්දු මට්ටමින් සාකච්ඡා පැවතුණ ද, මෙම එකඟතාවල සැබෑ ප්‍රතිඵලය තීරණය වන්නේ දකුණුදිග දේශසීමාවේ සිදුවන සැබෑ ආරක්ෂක වෙනස්කම් මත බව විචාරකයෝ පවසති.
















