නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ජොහන්නස් ෆ්‍රැන්සිස් ඇලන් සහ එම සභාවේ මන්ත්‍රී ආර්. දුෂාන්ත් (ජාතික ජන බලවේගය) යන දෙදෙනා අද (30) පස්වරුවේ නෝර්වුඩ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 25 වන දින නෝර්වුඩ් නගර මධ්‍යයේදී මොවුන් දෙදෙනා අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම පියවර ගෙන තිබේ. සිද්ධිය විභාග කිරීම සඳහා අද (30) සැකකරුවන් දෙදෙනා පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත. කෙසේ වෙතත්, දෙපාර්ශවයම සමතයකට පත් වීමට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් පොලිසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇත.
නෝර්වුඩ් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර රාජනායක මහතා පැවසුවේ, අදාළ සැකකරුවන් දෙදෙනාට ජූලි මස 06 වන දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග ලබා දී ඇති බවයි.
















