වනාතවිල්ලුව, මංගලපුර විල්ලුවේ මල් කැඩීම සඳහා ඔරුවකින් ගමන් ගත් පාසල් සිසුන් පිරිසක් දියේ ගිලීමෙන් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, සිසුන් පස් දෙනෙකු ඔරුවකින් ගමන් කරමින් සිටියදී එම ඔරුව පෙරළී යාමෙන් ඔවුන් සියලුදෙනා දියේ ගිලී ඇත. ඉන් එක් සිසුවෙකු වහාම මුදා ගැනීමට හැකිවූ අතර, දියේ ගිලුණු සෙසු සිසුන් වනාතවිල්ලුව රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සිසුන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර, එහිදී ඔවුන් මියගොස් ඇත.
මියගිය සිසුන් තිදෙනා එම ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් බව පොලිසිය තහවුරු කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















