මෙම වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටින සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම කඩිනම් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වසර අවසන් වීමට පෙර සියලුම සිසුන්ට ස්ථිර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ජගත් හේරත් මහතා ප්‍රකාශ කරයි. ඒ සඳහා අයදුම්පත් ප්‍රමාදයකින් තොරව දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින අතර, අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් කිසිවෙකුට හෝ තවමත් හැඳුනුම්පත් ලැබී නොමැති නම්, දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් දුරකථන අංක හෝ විද්‍යුත් තැපැල් ලිපිනයන් හරහා ඒ බව දැනුම් දී සිය හැඳුනුම්පත් ලබා ගත හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.















