දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීම සහ විනාශ වූ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වසර අවසානය වන විට සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.
මෙවැනි ආපදා තත්ත්වයකදී සියලු අභියෝග පසෙකලා රට ගොඩනැගීම සඳහා ජනතාව දැක්වූ කැපවීම සහ සහයෝගය අගය කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















