දඹුල්ල, කතරගම සහ දිගම්පතහ යන ප්‍රදේශවල පිහිටි ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසල්වල මාස 06ක න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව නිම කළ සිසුන් 203 දෙනෙකු වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඊයේ (ජූනි 30) දඹුල්ලේදී සිදු කෙරිණි. මෙම සිසුන් සිය පුහුණුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තරු පන්තියේ හෝටල් වෙත රැකියාගත පුහුණුව (OJT) සඳහා සෘජුවම යොමු කර තිබේ.
ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පල මහතා සඳහන් කළේ, එක් සිසුවෙකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් ආයෝජනය කරනුයේ මත්ද්‍රව්‍ය වැනි සමාජ උවදුරුවලින් තොර, විනයගරුක සහ ශක්තිමත් පුරවැසියන් බිහි කිරීමේ අරමුණින් බවයි. වත්මන් රජයේ 2030 සංචාරක ඉලක්ක සපුරා ගැනීමේදී මෙම නවක වෘත්තිකයින්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බව ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ප්‍රකාශ කළේය.
සූපවේදය, ආහාරපාන හා සේවා, පේස්ට්‍රි සහ බේකරි, පිළිගැනීමේ අංශය, ගෘහ පාලනය සහ සහකාර බංගලා භාරකරු වැනි ක්ෂේත්‍රයන් ඔස්සේ NVQ මට්ටමේ පුහුණුවක් ලබාදෙන මෙම පාඨමාලාවන් හරහා බිහිවන වෘත්තිකයින් ශැංග්‍රිලා, හිල්ටන් සහ අයි.ටී.සී රත්නදීප වැනි ඉහළ පෙළේ හෝටල් රැසක සේවය සඳහා එක්වෙයි. ජාතික යොවුන් සේනාංකයේ සමස්ත රැකියා නියුක්ති ප්‍රතිශතය මේ වන විට 92%ක් වැනි ඉහළ අගයක පවතින බව ද මෙහිදී අනාවරණය විය.
















