ඩෙංගු සහ වෛරස් උණ රෝග පැතිරීමේ අවදානමක් හේතුවෙන්, ජූනි 30 වැනිදා සිට ජූලි 13 වැනිදා දක්වා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ පරීක්ෂණ කල් දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. එම කාලසීමාව තුළ විශ්ව විද්‍යාල නේවාසිකාගාර ද වසා තැබෙන බව අධ්‍යයන හා ශිෂ්‍ය කටයුතු ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරීවරයා විසින් දැනුම් දී තිබේ.
















