යුරෝපය පුරා අඛණ්ඩව පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ. ස්පාඤ්ඤ මහජන සෞඛ්‍ය ආයතනය නිකුත් කළ වාර්තාවන්ට අනුව, පසුගිය ජූනි මාසය තුළ පමණක් අධික උෂ්ණත්වය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් ඇත.
ඊට සමගාමීව ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, උණුසුම් කාලගුණික තත්ත්වය ආරම්භ වූ දා සිට මේ දක්වා ප්‍රංශය තුළ ද පුද්ගල මරණ 1,000කට වඩා වාර්තා වී ඇති බවයි. වාර්තාගත ලෙස උෂ්ණත්වය ඉහළ යාම මෙම මරණ සංඛ්‍යාව ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
















