කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ඒ.එල්.කේ. විජේමාන්නගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පත්වීම සිදු කෙරිණි.
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන ඒ.එල්.කේ. විජේමාන්නගේ මහතා මීට පෙර එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
















