පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (ජූලි 01) නියෝග කළේය.
පෙර නඩු දිනයේ ඉදිරිපත් වූ ඉල්ලීම් කිහිපයකට අදාළව පිටු 23ක නියෝගයක් නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දු ලබා දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව මෙම විමර්ශනයෙන් ඉවත් කරන ලෙස කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය. සැකකරුට පුවත්පත් සහ ලිඛිත ද්‍රව්‍ය ලබා දීමේ ඉල්ලීම සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ ප්‍රකාශයක් කිරීමට කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය.
පළමු සහ දෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සාක්ෂි නොමැති බවට කළ ඉල්ලීම සහ නීතිඥවරයා අධීක්ෂණයට කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කෙරිණි. තෙවන සැකකරු වන සුරේෂ් සලේව ඉදිරි නඩු වාරවලදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම විය. මෙම නඩුව සැප්තැම්බර් මස 02 වන දින නැවත කැඳවීමට නියමිතය.
















