ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වන බවට හඳුනාගෙන ඇති සමාගම් සහ ආයතනවල සංශෝධිත ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.
1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය ප්‍රකාරව සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව, “Infinity Rover (Pvt) Ltd” යන සමාගම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නිරත වීම, එය පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කරන බව තහවුරු වී ඇත. ඒ අනුව, මීට පෙර ප්‍රකාශයට පත් කළ ලැයිස්තුව මහ බැංකුව විසින් මෙලෙස සංශෝධනය කර තිබේ.
අදාළ බැංකු පනත යටතේ තහනම් යෝජනා ක්‍රම ලෙස හඳුනාගෙන ඇති ආයතන සහ ඇප් (Apps) ලැයිස්තුව පහත දැක්වේ:
Tiens Lanka Health Care (Pvt) Ltd, Best Life International (Pvt) Ltd, Mark – Wo International (Pvt) Ltd, V M L International (Pvt) Ltd, Global Lifestyle Lanka (Pvt) Ltd, Fast3Cycle International (Pvt) Ltd, Sport Chain app, Sport Chain zs society Sri Lanka, OnmaxDT, MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group, Fastwin (Pvt) Ltd, Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd, Ride to Three Freedom (Pvt) Ltd, Qnet/ Questnet, Era Miracle (Pvt) Ltd. and Genesis Business School, Ledger Block, Isimaga International (Pvt) Ltd, Beecoin App and Sunbird Foundation, Windex Trading, The Enrich Life (Pvt) Ltd, Smart Win Entrepreneur (Pvt) Ltd, Net Fore International (Pvt) Ltd./ Netrrix, Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd, SGO/sgomine.com, I.C.A.N. Advertising (Pvt) Ltd සහ එහි අනුබද්ධිත ආයතන (http://icanonlineadvertising.com/…/banne…/bannercuts.org) සහ Infinity Rover (Pvt) Ltd.














