ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට සහභාගී වීම සඳහා සිය ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් සිව්දෙනෙකුට ජාතික රාජකාරිවලින් නිදහස ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි-20 තරගාවලිය මඟ හැර මෙම ක්‍රීඩකයින් සිව්දෙනා LPL තරගාවලිය සඳහා සහභාගී වනු ඇත. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මේ සඳහා අවශ්‍ය අවසර පත්‍ර (NOC) ඔවුන්ට ලබා දී ඇත.
මෙලෙස LPL තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් වන්නේ නායක ලිටන් දාස්, මෙහෙදි හසන් මිරාස්, ටස්කින් අහමඩ් සහ හසන් මහමුද් වේ.
මෙම ක්‍රීඩකයින් සිව්දෙනාගේ සහභාගීත්වය මඟ හැරීම හේතුවෙන්, සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට සිය නායකයා ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ සේවය අහිමි වනු ඇත. LPL තරගාවලිය සහ සිම්බාබ්වේ තරගාවලිය එකම කාල සීමාවක පැවැත්වෙන බැවින් මෙම තීරණය ගෙන තිබේ.














