මට්ටක්කුලිය, ෆර්ගිවුසන් පාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සමත් විය.
ඊයේ (01) දින සිදු කළ මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 140ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 50,000ක මුදලක් සහ ජාවාරම සඳහා යොදාගත් ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ සැකකරු මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














