බඩ ඉරිඟු බීජ බෙදාදීමේදී සිදු වූ බව කියන දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදෙනු ලැබීය.
අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විනිසුරුවරයා විසින් සැකකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
රජයේ වියදමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහන මිලට ලබාදීමට ආනයනය කළ බඩ ඉරිඟු බීජ කිලෝග්‍රෑම් 36,000ක් ජනාධිපතිවරණ සමයේදී දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් තම හිතවතුන් අතර බෙදා හැරීම මගින් දූෂණය නමැති වරද සිදු කළ බවට අල්ලස් කොමිසම චෝදනා නගා ඇත.
මෙම නඩුව නැවත ජුලි මස 22 වැනිදා කැඳවීමට නියමිතය.














