පකිස්ථානයේ ෆරූකබාද් ප්‍රදේශයේ පිහිටි “Gurdwara Sri Guru Singh Sabha Sahib” විනාශ කිරීමේ සිද්ධිය හේතුවෙන් ඉන්දු-පකිස්ථාන සබඳතා යළිත් ආතතියකට ලක්ව තිබේ.
මෙම ක්‍රියාව “ඉතා නින්දනීය සහ ඉලක්කගත ප්‍රහාරයක්” ලෙස හඳුන්වන ඉන්දියානු විදේශ අමාත්‍යාංශය, එය දැඩි ලෙස හෙළා දකින බව නිවේදනය කරයි. ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් පවත්වන ලෙස පකිස්ථාන රජයෙන් ඉල්ලා සිටින බවයි.
එමෙන්ම, විනාශ වූ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට සහ එරට වෙසෙන සුළුතර ආගමික කණ්ඩායම්වල ආරක්ෂාව තහවුරු කිරීමට පකිස්ථාන රජය වහා පියවර ගත යුතු බව ඉන්දියාව අවධාරණය කරයි.
සංවේදී ආගමික ස්ථානයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ මෙම විනාශය දෙරට අතර පවතින දැනටමත් පළුදු වී ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් අර්බුදකාරී තත්ත්වයට පත් කරනු ඇතිද යන්න පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
















