දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බදු ගෙවන්නන් මුළා කර මූල්‍ය වංචාවන් සිදුකළ සැකකරුවෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචාව සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයෙකු විසින් ජුනි මස 05 වනදා සිදුකළ පැමිණිල්ලකට අනුව, කොම්පඤ්ඤවීදිය පොලීසිය සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ සූක්ෂම විමර්ශනයකින් පසු මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ජුනි 29 වනදා අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ව්‍යාජ නාමයක් භාවිතා කරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම වංචා සිදුකර ඇති බවයි.
මෙම පුද්ගලයාගෙන් තමාට දුරකථන ඇමතුම් ලැබුණේ නම් හෝ ඔහුගේ ගිණුම් වෙත මුදල් බැර කර ඇත්නම්, ඒ පිළිබඳ තොරතුරු වහාම කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 0112135000 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















