සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි අධික ජනකායක් ගැවසෙන අවන්හලක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවාඩු දින රාත්‍රියක පිරිස ආහාර ගනිමින් සිටි අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, තුවාල ලැබූවන් වහාම ප්‍රදේශයේ රෝහල් වෙත ඇතුළත් කර තිබේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර ආරක්ෂක අංශ මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර පරීක්ෂණ අරඹා ඇත.
















