රෝමානු කතෝලික සභාවේ වසර ගණනාවකට පසු සිදු වූ බරපතළම අර්බුදයක් නිර්මාණය කරමින්, 14 වැනි ලියෝ පාප් වහන්සේ විසින් ‘ශාන්ත පියස් (SSPX)’ නමැති අන්ත ගොන්සර්වේටිව් (සාම්ප්‍රදායික) කතෝලික කණ්ඩායම සහ එහි සියලුම සාමාජිකයින් කතෝලික සභාවෙන් සම්පූර්ණයෙන්ම නෙරපා හැරීමට (Excommunicate) පියවර ගෙන තිබේ. පාප් වහන්සේගේ අවසරයකින් තොරව පසුගිය බදාදා රහසිගතව රදගුරුවරුන් සිව්දෙනෙකු පත් කරගැනීම හේතුවෙන් මෙම දැඩි තීරණය ගෙන ඇති අතර, නව රදගුරුවරුන් සිව්දෙනාට සහ එම උත්සවය මෙහෙයවූ රදගුරුවරුන් දෙදෙනාට පමණක් නොව, මෙම කණ්ඩායමට නිල වශයෙන් සම්බන්ධ වී සිටින සියලුම පූජකවරුන්ට සහ ගිහි සාමාජිකයින්ට ද මෙම නෙරපා හැරීමේ නියෝගය බලපැවැත්වෙනු ඇත. දෙවැනි වතිකානු කවුන්සිලයේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙමින් 1970 වසරේදී මෙම කණ්ඩායම ආරම්භ වූ දා සිටම වතිකානුව සමඟ ගැටුම් ඇති කරගත් අතර, ඔවුන් මව් භාෂාවෙන් දිව්‍ය පූජාව පැවැත්වීම, ආගමික නිදහස සහ යුදෙව් විරෝධය හෙළා දැකීම වැනි මූලික කතෝලික ඉගැන්වීම් ද ප්‍රතික්ෂේප කළහ. නව රදගුරු පදවියක් ලැබූ ඇමරිකානු පූජකයෙකු ප්‍රකාශ කර සිටියේ වත්මන් කතෝලික සභාව යනු තමන් ස්පර්ශ කරන සෑම දෙයක්ම විනාශ කරන නවීන කාන්තාරයක් බවයි. කෙසේ වෙතත්, මෙම නෙරපා හැරීමත් සමඟ ඔවුන් පවත්වන පාපොච්චාරණ සහ විවාහ මංගල්‍යයන් ද වතිකානුව විසින් අවලංගු කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















