පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ අද පැවැති තීරණාත්මක තරගයකින් ඔස්ට්‍රියාව පරදා ගෝල 3-0ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ස්පාඤ්ඤය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් තරගාවලියේ මීළඟ වටය (Round of 16) සඳහා සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි.
තරගයේ 36 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට මිකෙල් ඔයාර්සබල් (Mikel Oyarzabal) සමත් වූ අතර, ඉන් මිනිත්තු කිහිපයකට පසු එනම් 39 වැනි මිනිත්තුවේදී ඔහු විසින්ම ලබාගත් දෙවැනි ගෝලයත් සමඟ ස්පාඤ්ඤ කණ්ඩායමේ ගෝල සංඛ්‍යාව 2-0ක් ලෙස ඉහළ ගියේය. අනතුරුව තරගයේ 66 වැනි මිනිත්තුවේදී පේද්‍රෝ පෝරෝ (Pedro Porro) තෙවැනි ගෝලයද වාර්තා කරමින් ස්පාඤ්ඤයේ ජයග්‍රහණය ස්ථිර කළේය. මේ අතර, මෙම තරගාවලියේ ඊළඟ තරගය ලෙස පෘතුගාලය සහ ක්‍රොඒශියාව අතර පැවැත්වෙන තියුණු තරගය අද අලුයම 04:30ට පැවැත්වීමට නියමිතව ඇත.
















