කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ධුරය සඳහා මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.
















