‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ජූනි මස සඳහා හිමි වැඩිහිටි දීමනාව අද (03) දින අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,761 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,108.8ක මුදලක් බැර කෙරේ. ඊට අමතරව, දෙවැනි අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 76,139 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 380.69ක මුදලක් ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට නියමිත බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
















