අනාගතයේදී මතුවන විවිධ සෞඛ්‍ය අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා, වෙනස් වන අවශ්‍යතාවන්ට අනුවර්තනය විය හැකි කුසලතා පූර්ණ සෞඛ්‍ය සේවක පිරිසක් බිහි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව සඳහන් කළේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස සැමරීම වෙනුවෙන් (1926 – 2026) සංවිධානය කළ ඓතිහාසික ශත සංවත්සර සම්මේලනය අමතමිනි. ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ඉතිහාසයේ මෙම සියවස සුවිශේෂී සන්ධිස්ථානයක් බව අගමැතිනිය පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිනිය අවධාරණය කළ කරුණු කිහිපයක් පහත පරිදි වේ.
මාතෘ හා ළමා සෞඛ්‍ය, ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සහ රෝග නිවාරණය වැනි ක්ෂේත්රවලින් ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ පිටුපස සිටින්නේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වැනි ශක්තිමත් ආයතන සහ කැපවූ සෞඛ්‍ය වෘත්තිකයින් බව ඇය අවධාරණය කළාය.
වයස්ගත වන ජනගහනය, බෝ නොවන රෝග ව්‍යාප්තිය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මතු වන නව සෞඛ්‍ය අවදානම් ජය ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්රය නිරන්තරයෙන් සූදානම් විය යුතුය.
නවීන සෞඛ්‍ය යටිතල පහසුකම්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ ඩිජිටල් තාක්ෂණය වෙනුවෙන් රජය අඛණ්ඩව ආයෝජනය කරන බවට අගමැතිනිය මෙහිදී සහතික විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ විද්වතුන් පිරිසක් සහභාගී වූහ. එහිදී ‘NIHS-100 Years’ සමරු ග්‍රන්ථය එළිදැක්වීම සහ ශත සංවත්සර සමරු මුද්‍රාව නිකුත් කිරීමද අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
















