පසුගිය පැය 24ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු ආසාදිතයින් 1,025 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.
මේ වන විට රෝහල්වල ඩෙංගු ආසාදිතයින් සඳහා වෙන් කළ වාට්ටුවල ධාරිතාව ඉක්මවා යාමට ආසන්න වී ඇති අතර, විශේෂයෙන්ම ළමා රෝහල්වල වාට්ටු දරුවන්ගෙන් පිරී ගොස් ඇති බව ඒ මහතා සඳහන් කළේය.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත ඩෙංගු ආසාදිතයින් 56,422ක් වාර්තා වී ඇති අතර, ඉන් රෝගීන් 21,556ක්ම වාර්තා වී ඇත්තේ පසුගිය ජූනි මාසයේදී පමණි. මේ වන විට ඩෙංගු ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 35ක් ලෙස වාර්තා වේ.
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජූලි 02 වැනිදා සිට 04 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන දින තුනක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම දිනවලදී සියලුම ස්ථාන පිරිසිදු කර මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















